මැයි දිනය ගැන 'වැඩ කරන' ජනතාව කථා කරයි.



මේ වෙනවිට මැයි දිනයට සියල්ල සුදානම්. ස්ටේජ් ගහන අය ඒවා ගසමින් සිටියි. කඩේ යන අය මලු සුදානම් කරමින් සිටියි. කොළ ෂිර්ට්, නිල ෂර්ට්, රතු ෂර්ට් මේ වනවිට සෝදා, පිරිසිදු කොට සුදානම් කොට තබා ඇත. මැයි දිනයේ වැඩ කරන කම්කරු ජනතාව ඊට වෙන සුදානම ගැන මේ ලියුම්කරු සමග කළ කතාබහක සටහනක් පහත දැක්වේ....


ලසිත් මාලිංග - සුළු ව්‍යාපාරික තරුණයෙක්.

අවුරුදු ගැට්ටට පස්සේ හමුවෙන නිවාඩුවෙන් උපරිම ආතල් ඒක ගන්න ඕනි. මැයි දිනේ ඉරිදා හින්ද කඩේ ඇරගෙන ඉදල වැඩක් නෑ. බල්ලෙක් එන්නේ නෑ. මැයි දිනේට එන එවුන්ට උන්ම කාම දෙන හින්ද බිස්නස් ෂුවර් නෑ. කැම්බල් පිට්ටනිය ලගවත් කඩේ තිබ්බනම් කොල තොප්පි කාරයින්ට බෝතල් ටිකක් යටින් දීගෙන ගානක් කපා ගන්න තිබුන. කරුමෙට කඩේ තියෙන්නේ රතු මැයි රැළියක් ලගනේ. උන්ට ප්ලේන්ටි විකුණලා මොනා කරන්ඩද. සභාපතිය ශේප් කරගන්න මැයි දිනේ වෙනුවෙන් දීපු දාහ කවර් කරගන්න ජිල්මාල් එකක් ගහන්ඩ වෙන්නේ නෑ. ඒත් ඒක මතු ආයෝජනයක් වෙයි.

මාතර  සනතය කතාකරා. මැයි දිනය දවසේ ට්‍රිප් වලකට සෙට් වෙන්න. එකෙක්ගෙන් දෙදාහයි. මං උගෙන් හතර පාරක් විතර ඇහුව වැඩේ ආතල්ද කියල. දෙදහකුත් දෙන ඒකෙ.. උගේ ගෑණි ලස්සනයි. නංගිලාත් හැට උට හමාරක් ඉනනව. මොනා නැතත් ඕෆ් රෝඩ් විහිළුවක් අරි කරල ආතල් එකක් දාන්ඩ පුළුවන්. දෙදහට පාඩු නෑ. ( කහ සල්ලි )


සබීතා පෙරේරා - මවක්, ගෘහනියක්

මොන මගුලකටද මං දන්නේ නෑ මැයි දිනේ ඉරිදා වැටුනේ. එකෙන් නිවාඩු දවසක් මිස් වෙනව. කමක් නෑ ඉරිදට ළමයින්ව ටියුෂන් එක්කරගෙන යන්න නෑ, පන්සලේ උත්සව නෑ. උදෙන්ම ගේ දොර අස් පස් කරල හවසට ටීවී ඒකෙ මැයි පෙළපාලි බලන්න වාඩි වෙන්න පුළුවන්. පහුවදාට ඔෆිස් ගිහින් කියන්න දෙයක් තියෙන්නත් එපයි. මේ පෙළපාලි හින්ද ටෙලි නාට්‍ය ටික දායිද දන්නේ නෑ.

මං මහත්තයාටත් කියන්නේ නිකන් ගෙදරට වෙලා පත්තර බල බල ඉන්නේ නැතුව අර සුමනෙත් එක්ක එහෙම කථා කරල බලන්න කියල. මිනිහ ඉස්සර හොර අරක්කු කාරය උනාට දැන් පළාත් සබවෙනේ. අනික ඇමැතිටත් කිට්ටුයි. නිකං කෝල් එකක් දීල අහන්ඩ තියෙන්නේ මැයි දිනේට මොකක්ද කෙරෙන්න තියෙන්නේ කියල. එච්චරයි. ඉස්සරහට ඔෆිස් එකේ ප්‍රොමෝෂන් එනවා, ළමයින් හොද ඉස්කෝලවලට දාගන්න, කෝකටත් හොදයිනේ..( කහ සල්ලි )


ජෝර්ජ් සොරෝස් - පිටකොටුවෙ අන්නාසි වෙළෙන්දෙක්.

වැඩියෙන්ම සෙනග ඉන්න රැස්වීමට ගියොත් කරදරයක් නැතිව අන්නාසි ටික විකුණගන්න පුළුවන්. අන්නාසි ගන්න ගතමනාවක් ඉල්ලගන්න පොලී මල්ලි ලගට ගියාම ඌ නම් කීවෙ මහින්ද මහත්තය ගෙ එකට පලයන් කියල. මහින්ද මහත්තයයි ඌයි ඉන්න ෆොටෝ එකක් උගේ කඩ කෑල්ලේ ගහල තියනව. කඩ කෑල්ලකට ට්‍රයි එකක් හරි දානවනම් යන්න ඕනි නගර සභාවේ මන්තිරියගේ මැයි පෙළපාලි සෙට් එකට. උට කිට්ටු කරන ඒක ලේසි නෑ. වටේ ලේකම්වරු ගොඩයි. අන්නාසි ගෙඩි ටිකක් හරි අරන් ගිහිල්ල දීල කොහොමහරි උගේ සෙට් එකට කිට්ටු උනොත් වැඩේ හරි. ඒත් මැයි දවසේ බිස්නස් පාඩු කරගෙන කොහොමත් බෑ. ( කහ සල්ලි )



ජස්ටින් බිබර් - පොළොන්නරුවේ කොළ බලකායේ තරුණයෙක්

සීගිරියේ යොවුන් පුරයට ගියා. ෆුල් ආතල්. මන්ත්‍රී කාරයා විතරක් නෙමේ ඇමති තුමා පවා ෆුල් සෙට්. එග්ල්ලෝ එක්ක එකට ඉදල සෙල්ෆි හිටන් ගත්ත කිවම !  ඒව දැකල කෙල්ල විතරක් නෙමේ එයාගේ අම්ම පවා ෆුල් කොර. මැයි දිනේටත් අනිව බහිනවා. ටිකක් තදට බහින්ඩ ඕනි මේ පාර.

අම්ම නම් කියන්නේ ඔය කට්ටිය පස්සෙන් විතරක් ගිහිං වැඩක් නෑ රස්සාවකට හරි සෙට් වෙන්ඩ. කියල. රස්සවක්නම් ඉතිං අනිව. ඇමතිට පේන්ඩ ටිකක් සාරෙට මැයි දිනේට බැස්සොත් පුංචි පුංචි කොන්ත්‍රාත් කෑලි දෙක තුනක් උනත් ගොඩ දාගන්න ඒක ඒ හැටි අමාරු නෑ. ( කහ සල්ලි )


ධම්මික පෙරේරා - පුද්ගලික අංශයේ විධායක සේවකයෙක්, මිනිසෙක්.

මැයි දිනේට සෙට් වෙන්න කියල පරණ යාළුවෙක් පණිවිඩයක් එවල තියනව. ඌ හොද එකා. ඉස්කෝලේ කාලේ ඉදලම ගජය. ඒත් දැන් ඒකට කාලේ නෙමෙයි. මිනිහ තාම ඉන්නේ පරණ රෙජීමයේ සෙට් එකත් එක්ක. උන්ගේ සෙට් එකට බෝතලයක් වියදම් කරන එක වෙලාවේ හැටියට පාඩුයි. උන් පීක් වේගෙන එනවනම් ඩිනර් එකක් එහෙම අතහැරලා ආය සෙට් වෙන්න පුළුවන් ලගින් තියාගත්තම ඇති.

මගේ බොසා මැයි දිනයේ චෙක් කිහිපයකටම දැනටමත් කර ගහලයි තියෙන්නේ. මේවා රිකවර් කරගන්න ප්‍රෝජෙක්ට් එකක් ගැන ලයින් එකක් දැම්මොත් අවුරුද්දේ අන්තිමේ බෝනස් වලට හොදයි. අළුත් බිස්නස් ෆ්‍රෙන්ඩ්ස් ල ගැන හිතන්න ඕනි කාලයක් මේක. ටී ෂර්ට් එකක් ඇදල, මැයි දිනේට පාරේ ටිකක් ඇවිද්දට පාඩු නෑ. කොලොස්ටරෝල් බහින්ඩත් එක්ක. ( කහ සල්ලි )


ජුලියස් ෆුචික් - පත්තරයක වාර්තාකරුවෙක්, මිනිසෙක්

ෆුචික් ගැන පරණ ආටිකල් එකක් කියවුව්ව. ඒ වගේ එකෙක් වෙන්ඩ ඇත්නම් කියල හිතුන. මොහොතකට. ඒත් ඔය මනස්ගාත අතහැරලා කරන වැඩේට බහින්න කියල තමයි සහෝදර අයියා කෙනෙක් කීවෙ. මැයි දිනේ කවර් කරන එක කටු කන වැඩක් තමයි, ඒත් ඉම්පැට් එක වැඩියි. ගාල්ලේ මැයි රැලියට තමයි මේ පාර අසයින් කරල තියෙන්නේ. වැඩේට ඉස්සල්ල ලොක්කත් එක්ක ටෝකක් දාල බලන්ඩ ඕනි. එතකොට මිනිහගේ ඔලුවේ තියෙන්නේ මොනාද කියල දැනගන්ඩ පුළුවන්. මිනිස්සු වැඩි කරන්ඩද, අඩු කරන්ඩද, හයිලයිට් කරන්නදඩ ඕනි පොරවල් කවුද කියල එතකොට අයිඩියා එකක් ගන්ඩ පුළුවන්.

පොරගේ ඔළුවට වදින විදිහට රිපෝර්ට් එකක් ගෙනාවොත් කවද හරි ෆුචික් කෙනෙක් වෙන්ඩ පුළුවන් වෙයි. ෆුචික් කෙස් වෙතත් ඉන්ක්‍රිමන්ට් එකක් හරි පාස් කර ගන්ඩ පුළුවන්. ( කහ සල්ලි )


සී ඩබ් කන්නංගර - ජනප්‍රිය ඇමතිවරයෙක්, මිනිසෙක්.

අර - - -  ඇමතිය බැහැල වැඩ කරනව ලොක්කත් එක්ක තියන ඇරියස් ලකුණු කවර් කරගන්න. ඕකගේ පඩ ෂෝ නිසා මිනිහ පස්සෙන් මිනිස්සු එයි. ඒත් ලොක්කට ලංවෙන්න බෑ. මගේ සභාපතියත් ගානට වැඩියි. මිනිස්සු ටික ගානට සෙට් කරල, කවල, පොවල පැත්තකට වෙලා ඉන්නේ නැතුව කැපිල පේන්න යනව. මේවා භයානක වැඩ. වෙලාව ආවම ඌව නවත්වන්න ඕනි. මිනිහට කියන්න ඕනි වචන දෙකයි. ඊලග පාර නොමිනේෂන් සහ ටෙන්ඩර්. ( කහ සල්ලි )


ඩොනල්ඩ් ට්‍රම්ප්ස් - දේශපාලන නායකයෙක්, මිනිසෙක්

දාස් ගණන් දීල උපදේශකයෝ අරගෙන හිටියට හරියට ෂාප් උපදේශයක් දුන්නේ වයිෆ් තමයි. එයා කිවුවෙ ඔර්ගනය්සින් දිහා හොදට බලාගෙන ඉන්න. වැඩේ හොදට යනවනම් මැදට පැනල හැඩල් කරන්න. අප්සෙට් නම් හිමීට බැක්වර්ඩ් ගිහිල්ල ඔයාට හැඩල් කරගන්න බැරිව ඉන්න කට්ටියගේ පිට වැඩේ දාල බ්ලෙම් ඒක යවන්න කියල. ( කහ සල්ලි )  


සෙස්ස  පස්සට



























Comments

  1. මටත් යන් හිතෙනවා.
    //යි දිනේට එන එවුන්ට උන්ම කාම දෙන හින්ද බිස්නස් ෂුවර් නෑ//
    කාම දෙනවා කියන්නේ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මෙන්න මඩ .........

බ්ලොග් අවකාශයේ සැරිසරන බෝවෙන රෝග.....

සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම